ශ්රී ලංකාව සමඟ හමුවීම තුල ඇති වූ ජපන් අනන්යතාවයන්ගේ ගොඩනැගීම 1883-1893
1893 නේ සැප්තැම්බර් 11 වැනිදා ඇරඹුණු ආගම් පිළිබඳ ජගත් පාලිමේන්තු සැසිවාරය ඇත්තවශයෙන්ම බුද්ධාගම නූතන බටහිර රටවල පිළිහැනීම සම්බන්ධ ඉතිහාස කථාවේ සන්ධිස්ථානය හැටියට සැළකෙයි. පළමු වරට ආසියානු බෞද්ධ ක්රියාකාරී තැනැත්තන් හට ඔවුන්ගේ ඉදිරි දැක්ම පුළුල් ජාත්යන්තර ප්රේක්ෂක මුළුවකට ඔවුන්ගේ අළුත සොයාගත් බෞද්ධ විශ්ව ආගම හඳුන්වා ඉදිරිපත් කිරීමට අවශ්ය රාමුවක් හැඩගැසුනි.
මේ තැනැත්තන්ගෙන් ලාංකික සහ ජපන් නියෝජිත පිරිස් විශේෂයෙන්ම කැපී පෙනුනු අතර මේ දෙපිරිස අයත් රටවල් දෙකම බෞද්ධ නූතනීකරණයේ තොටිල්ල හැටියට ඒ සම්බන්ධ නූතන ඉතිහාසය මුළුමනින්ම සකස් කළාහු වෙති. සංවිධායකවරු ආගම්වල සංහිඳියාව හුවා දැක්වුවත් ඇත්තෙන්ම ක්රිස්තියානි මඟ පෙන්වීම යටතේ පාර්ලිමේන්තුවේ කථාපුවරු වලදී නියම නූතන බුද්ධාගම කුමක්දැයි අර්ථකථනය කිරීමේදී ඉතා සියුම් සහගතව වුවද යම් අයුරක පොර බැඳීමක් මතු වුනි.
ජපන් නියෝජිත කණ්ඩායම සාපේක්ෂකව නූතන වූ වර්ගීකරණයක් වන බුද්ධාගම ඉතාම උනන්දුවෙන් තමන්ට අයත් යැයි ප්රකාශ කරගෙන දකුණු හා ගිනිකොණදිග ආසියානු බුද්ධාගම ඉතා ප්රාථමික හීනයාන කියා අහක දැමීමට උත්සාහගත් අතර ශ්රී ලාංකික හික්කඩුවේ සුමංගල (1827-1911) හිමියන් වහන්සේගේ වෙන කිසිවෙකුට අඩු නොවන අනගාරික ධර්මපාල (1864-1933) තුමන් අතින් කියවන්නට යෙදුන ආශීර්වාද පණිවුඩයේ දී බුද්ධාගම බටහිර සහ ක්රිස්තියානි (බලපෑමට හා) හැඩගැසීමට ලක්වූ නිපයීමක් හැටියට වූ මතය තරයේ ප්රතික්ෂේප කොට එහි තාර්කික හා විද්යාත්මක ස්වභාවය ද දකුණුදිග ආසියාවේ සාම්ප්රදායික වූ ආර්ය්ය ධර්මය යැයි හඳුන්වන මූලධර්මවාදීන්ගේ සාමාජික සමෘද්ධීන් හා අත්පත්කරගැනීම් අවධාරණය කෙරුනි.
ජපන් බුද්ධාගම් සහ ශ්රී ලංකා බුද්ධාගම යන දෙකම එක හා සමාන ආකාරයටම ඔවුන්ගේ නවීනත්වය පිළිබඳ තමනට අයත් කර ගැනීම තුළින් ඒ දෙකම ඔවුනොවුන් අනිත් පක්ෂ බැහැර කිරීම අරමුණු කර ගති. මේ තරඟකාරී බව පිළිබඳව ඉතාම කුතුහලය දනවන දෙය නම් නූතන බුද්ධාගම් දාර්ශනික සහ මූලධර්මයන්ට බැහැරව ඉතාම කුඩා වෙනස්කම් දිස්වන්නේ හෝ දිස්වියයුතු වන්නේ කෙසේදැයි ශ්රී ලාංකික හා ජපන් බුද්ධාගම් අතර බොහෝදුරට එකඟතාවයක් ඇතිව තිබීමයි.
මෙලෙස දෙපක්ෂය ම එකසේ අවධාරණය කළ කරුණු අතර : තාර්කිකව හා විද්යාත්මකව තමතමන්ගේ සම්ප්රදායේ අනුකූලතාවය, පුද්ගලයා හා අධ්යාත්මය ලෞකිකමය තපස් රටාව උසස් කොට දකිනා අතරම ආගමික විශේෂත්වයන් සහ ඒ හා සම්බන්ධ තාක්ෂණිකව අත්පත් කරගතයුතු දක්ෂතාවයන් පිළිබඳ අධිකාරිත්වය මෙන්ම ඒ හා සම්බන්ධ වූ ආගමික තාක්ෂණික ක්රම, ඒ වෙනුවට යෙදිය හැකි ඉතාම සරල වූ අනෙකුත් ක්රම මඟින් පහළතත්වයකට පත්කිරීම, ත්රිපිටක පොත් හා අනෙකුත් ග්රන්ථ එක හා සමානව එකම ප්රමිතියකට පත්කිරීම, අවසාන වශයෙන් බොහෝවිට ප්රොතෙස්තන්තවාදයට නැඹුරු වන නවතම ආයතනික ක්රමවිධීන් භාවිතය හා ඒ ආයතනයන් හා සම්බන්ධතා ඇති කරගැනීම සහ ධර්මදූතාත්මක ක්රමවේදයන් මෙන්ම ඔවුන්ගේ වඩවඩාත් අධිකවන මුද්රිතමාධ්යයන් භාවිතය ද වෙති.
නවීකරණත්වයේ ආරම්භය හැටියට ජගත් පාර්ලිමේන්තුව මෙලෙස නොයෙකුත් විදිහේ එකිනෙක හා සම්බන්ධ සංකීර්ණාත්මක අනන්යතාවයන් ඉදිකිරීමේ මඟ පිළිවෙත් එළිදැක්වීය. මේ තාක් කළ පර්යෙෂණවලදී මේ හා සම්බන්ධ යටත්විජිතවාදී මෙන්ම ප්රාචීනදේශීය බලසැකැස්ම පිළිබඳ විවේචනය ආසියාවේ නොයෙකුත් ප්රදේශ වල සාම්ප්රදායික හා ප්රාග්නූතන බෞද්ධපිරිස් ප්රධානතම වශයෙන් බටහිර නූතනය සමඟ මුණගැසීමේ ප්රතිඵලයක් හැටියට ඇතිවීයයි පිළිගැනීම සාකඡාවට භාජනය විය.
මෙහිදී හඳුන්වා දෙන ව්යාපෘතිය මගින් උත්සාහ කෙරෙනුයේ මේ ආසියාවේ බෞද්ධයන් දෙපිරිසක් ඔවුනොවුන් මුණගැසීමේ ප්රධාන සාධකය පිළිබඳ වෘත්තාන්තය විශේෂ අවධානය ශ්රී ලංකා හා ජපන් බෞද්ධයන් ජගත් පාර්ලිමේන්තුවට පෙර පැවතුනු අවස්ථාවට යොමු කරමින් වඩාත් පෘථුලව විදහා දැක්වීමටයි.
මේ සම්බන්ධය ඇරඹෙනුයේ මෙඉජි විප්ලවයත් ආසියාව හා යුරෝපය පිළිබඳව ජපන් බෞද්ධයන් සොයාබැලීමට පටන් ගැනීමත් සමඟයි. මේ ආකාරයට සුඛාවතිය සම්බන්ධ සත්යවූ නිකායේ ඕතානි ශාඛාවේ නියෝජිත පිරිසක් දැනටමත් 1871 කාලයේදීම යුරෝපයට යන අතර ලංකාවේ අතරමඟ නැවතුනු අතර මේ සංචාරක නැවතීම් කාලයේ දී ඔවුනට මුණගැසුණු ශ්රීලාංකිකයන් අමිතාභ බුදුන් වහන්සේ ගේ ශ්රාවකයන් යැයි ඒත්තු ගත්හ.
මේ වැරදි අවබෝධය ප්රධාන වශයෙන් කසහරා කෙන්ජු (1852 - 1883) සහ නන්ජො බුන්යූ (1849 - 1927) යුරෝපයට යැවීමට හා ඔවුන් එහිදී ඔක්ස්ෆෝර්ඩ් හිදී මැක්ස් ම්යුලර් සමීපයේ සංස්කෘත හැදෑරීමටත් හේතු විය. මේ එක්කම මේ සිද්ධිය ශ්රී ලංකා හා ජපන් බෞද්ධ සම්ප්රදායයන් දෙක අතරතුර වඩවඩාත් සමීපතමව ඉතාම තීව්ර සම්බන්ධතාවයක ආරම්භය සනිටුහන් කළේය.
මේ සම්බන්ධතාවය 1886 යේදී ශකු කෝසෙන් නම් ජපන් ෂින්ගොන් නිකායට අයිති ස්වාමින්වහන්සේ ගේ අවුරුදු හතක කාලයකට ශ්රී ලංකාවට පැමිණීමත් සමඟ උච්චතම අවස්ථාවට එළඹුනි. කෝසෙන් ස්වාමින් වහන්සේ ගේ පැමිණීමත් ජගත් පාර්ලිමේන්තුව අතරතුර වූ දශකය ඇතුළත මේ අරමුණ සඳහාම යුරෝපයට ගියාට වඩා දෙගුණයක් පමණ වන බෞද්ධයන් එකොළොස් දෙනෙක් අධ්යයන කටයුතු සඳහා ශ්රී ලංකාවට පැමිණියහ.
මේ ජර්මන් පර්යෙෂණ මණ්ඩලය විසින් අවුරුදු තුනක කාලයක් සඳහා ආධාර දෙනු ලබන පර්යෙෂණ ව්යාපෘතියේ ප්රධාන කාර්යභාරය වනුයේ මේ පළමු ජපන් සංචාරකයන්ගේ ක්රියාකාර කටයුතු හා ඔවුන්ගේ සබඳකම් දැළ පැහැදිලිව අධ්යයනය කිරීමටයි. මෙහිදී ප්රධාන වශයෙන් වැදගත් වනුයේ මේ අයවළුන් ජපානයේ පිළිගැනුනු ආකාරය මෙන්ම මෙය කවර ආකාරයකට බුද්ධාගම ජගත්
ආගමක් හැටියට ජපන් සවිඤ්ඤකත්වයට ලක්වූයේදැයි පරීක්ෂාවට භාජනය කිරීමයි. ප්රධානතම අරමුණ වනුයේ ජපන් බෞද්ධයන්ගේ ආත්මසංකල්පය සකස්වීම සඳහා ශ්රීලාංකික බුද්ධාගම කවර ආකාරයක කාර්යභාරයක් ඉටුකළේ ද යන්න ක්රමානුකූලව පරීක්ෂා කිරීමයි. දුර අරමුණ හැටියට මේ ව්යාපෘතිය නූතන බුද්ධාගම පිළිබඳ චිත්රය නිර්මාණය කිරීම උදෙසා ක්රියාත්මක වූ ක්රියාකාරීන් හැටියට ආසියාතික බෞද්ධයන්ගේ සහභාගිත්වය සහ කාර්යභාරය පැහැදිළි කර දැක්වීමටත් ආගම් සම්බන්ධව නූතන ප්රාග් ඉතිහාසය තුල යුරෝපයේ වැදගත් කම අඩුවීම පෙන්වා දෙනු ඇත.